වැඩ වර්ජනය අසාර්ථකයි සහ අසාධාරණයි…!

0
675
- Advertisement -

වසර 22ක් තිස්සේ පැවතෙන ගුරු සහ විදුහල්පති සේවයේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින්, ගුරු සහ විදුහල්පති සේවයේ වෘත්තීය සමිති අද දිනයේ වැඩ වර්ජනයක් දියත් කර තිබේ. වැඩ වර්ජනය සාර්ථක බව වෘත්තීය සමිති ප‍්‍රකාශ කරයි. නමුත් වැඩ වර්ජනය පාසල් කටයුතු සදහා කිසිදු බලපෑමක් ඇති නොකළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ගුරු සහ විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා දැනටමත් කැබිනට් පත‍්‍රිකාවක් යොමු කර තිබේ. එවැනි පසුබිමක, විසදුමක් ලැබීමට නියමිත ගැටළුවක් සම්බන්ධයෙන් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයකට යන්නේ ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. යහපාලන රජය රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය විප්ලවීය ලෙස වෙනස් කරමින් සිටියි. පාසල් සහ විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කර තිබේ. වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ ළඟම පාසල හොඳම පාසල යන ව්‍යාපෘතීන් පොදුවේ සියළු දෙනාගේ ඇගයීමට ලක්වූ ව්‍යාපෘතීන් ය. එවැනි පසුබිමක මේ ගෙන තිබෙන වෘත්තීය ක‍්‍රියාමාර්ගය අසාධාරණ බව බොහෝ දෙනාගේ අදහසයි. රටේ ජාතික ධනය අමාත්‍යවරයාට ගසා කෑ හැකිව තිබුණු පාසල් නිල ඇදුම් ලබා දීම වෙනුවට, රටට විශාල ධනස්කන්ධනයක් ඉතිරි කර දුන් පාසල් දරුවන්ට වව්චර ලබා දීමේ තීරණයටද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ ලංකා ගුරු සේවක සංගමයේ මහින්ද ජයසිංහ යන මහත්වරු විරුද්ධ වී තිබුණි. එමෙන්ම ගුරුමාරුවීම් ලබා දෙන බව පවසා, ගුරු වෘත්තීය සමිතියක් මෙහෙයවන යාල්වෙල පක්‍දක්‍දාසේකර හිමියෝ ගුරුවන්ගෙන් මුදල් ලබා ගන්නා බවටද චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + thirteen =