වැඩි මිලට ඉන්ධන අලෙවි කරන ඉන්ධන පිරවුම්හල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි

0
512
- Advertisement -
Share

සංශෝධිත මිලට ඉන්ධන අලෙවි නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඇතැම් ඉන්දන පිරවුම්හල් අඩු කළ මිල ගණන්වලට ඉන්ධන ලබා නොදෙන බවට වාර්තා පළ වන අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව එහි සභාපති ජී.එස්. විතානගේ මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී.එස්. විතානගේ කියා සිටියේ සංශෝධිත මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි නොකරන පිරවුම්හල් සම්බන්ධයෙන් සංස්ථාවේ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයාට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙමින් රජය විසින් මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට පියවර ගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 2 =