වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි සහන මල්ල ලබා ගැනීමට ආ පිරිස පැය අටක් රස්තියාදු වී හිස් අතින් විසිර යති.

0
823
- Advertisement -

වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබා දෙන සහන මල්ල ලබා ගැනීමට ආ, බගවන්තලාව, තෙරේසා වත්ත ග‍්‍රාමසේවා වසමේ පිරිසක් ඔවුන්ට එම දීමනා නොලැබීම නිසා හිස් අතින්ම විසිර ගොස් ඇති බව ”අද” වෙබ් අඩවිය වාර්තා කරයි.

අදාල දීමනාව ලබා ගැනීම මෙම පිරිස් උදෑසන 06 සිට සවස 2.00 දක්වා පැය අටක් රැදී සිට ඇත.

වැඩිහිටි දීමනාව ලබා දිය යුත්තේ ග‍්‍රමාසේවා නිළධාරියා විසින් වන අතර ග‍්‍රාමසේවක නිළධාරියා මෙන්ම, සමෘද්ධි සහන මල්ල ලබා දීමට නියමිතව සිටි නිළධාරීන්ද නොපැමිණි බව ”අද” වාර්තා කරයි.

පවතින අවදානම් සහගත තත්ත්වය මත පිරිස් රැුස්ව සිටීම නුසුදුසු බැවින්,
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ එතැනින් විසිර යන ලෙස එම පිරිසෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 14 =