වැඩියෙන්ම මාර්ග නීති උල්ලංඝණය කරන්නේ පොලිස් වාහන.

0
693
- Advertisement -
Share

වැඩියෙන්ම මාර්ග නීති උල්ලංඝණය කරනු ලබන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වාහන බව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

බොහෝ පොලිස් වාහනවලුට රක්ෂණ සහතික; දුම්සහතික හෝ ආදායම් බලපත‍්‍ර නැති බවද ඒ මහතා පවසයි.

මේ නිසාම, පොලිස් වාහනයක් අනතුරට ලක් වුවහොත්, එහි අලාභය පොලිස් රියැදුරුට ගෙවීමට සිදුව තිබේ.

පොලිස් කාර් සහ පොලිස් ජීප් රථ පමණක් නොවේ, අධි බල පොලිස් යතුරු පැදි සඳහා ද අත්‍යවශ්‍ය ලියකියවිලි නැති බවයි මන්ත‍්‍රීවරයා පවසන්නේ. මේ නිසාම, එම වාහන ධාවනය කරවන රියැදුරන්ගේ මෙන්ම පදිකයන්ගේ ජීවිතද අවදානමක පවතින බවද ඔහු පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී, මන්ත‍්‍රීවරයා මේ හෙළිදරව්ව සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 10 =