වැටුණු ව්‍යාපාර යළි පුබුදන්න රුපියල් බිලියන 150 ක් වෙන් කරන ලෙස නියෝග කළත්, මහබැංකුව වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 06 ක් පමණයි.

0
338
- Advertisement -
Share

වැටුණු ව්‍යාපාර යළි පුබුදන්න රුපියල් බිලියන 150 ක් වෙන් කරන ලෙස නියෝග කළත්,
මහබැංකුව වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 06 ක් පමණයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවත් පත් වූ සුළු හා මධ්‍යම පරිමාණ යළි නගා සිටුවීම සදහා, ඔවුන්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය ලබා දීමට, රුපියල් බිලියන 50 ක මුදලක්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පද්ධතිය වෙත මුදා හැර ඇති බව, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් වසංගතය ආරම්භ වු අවදියේ දී ම පවසා තිබුණි.

පසුව, කැබිනට් මාධ්‍ය හමුවකදී, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධ මහතා ප්‍රකාශ කර සිටියේ, රුපියල් බිලියන 50 ක් මුදා හැරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැති නිසා, තවත් බිලියන 100 ක් ඊට එකතු කර, රුපියල් බිලියන 150 ක් දක්වා එම මුදල ඉහළ දැමූ බවයි.

කෙසේ වෙතත්, රජය පොරොන්දු වූ පරිදි, රුපියල් බිලියන 150 ක් මෙතෙක් මහබැංකුව විසින් බැංකු පද්ධතිය වෙත මුදා හැර නැති බව, සන්ඬේ මෝර්නිං පුවත් පත, ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්තිය ඔස්සේ වාර්තා කර තිබේ.

සන්ඬේ මෝර්නිං පුවත්පත වාර්තා කරන ආකාරයට, පසුගිය සිකුරාදා, එනම් 12 වනදා වන විටත්, මහ බැංකුව විසින් බැංකු පද්ධතියට මුදාහැර ඇති මුදල රුපියල් බිලියන 06ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 14 =