“ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීම” – වෑන් රථය නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ මිත‍්‍රයෙක්ගේ…!

0
656
- Advertisement -

රත්ගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලීසියට එල්ල වී ඇති චෝදනා මත දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා තාවකාලිකව පොලිස් මූලස්ථානයට මාරු කර යවා තිබේ. මේ අතර, ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමට භාවිතා කළ සුඛෝපභෝගී වෑන් රථය සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ. අදාල වෑන් රථය, අක්මීමන ගෝනාමුල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් බවත්, එම ව්‍යාපාරිකයා, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රවී විජ්ගුණවර්ධනගේ මිතුරෙකුත් බවත් වාර්තා වෙයි. නියෝජ්‍ය පොලිස්පති වරයා යටතේ කි‍්‍රයාත්මක වන දකුණු පලාත් විශේෂ විමර්ෂණ ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු පසුගිය 22 වන දා අදාල වෑන් රථය ව්‍යාපාරිකයාගෙන් ඉල්ලාගෙන ගොස් ඇත.

Posted by Headline News on Sunday, February 17, 2019

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + three =