රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගැනීම පිළිබදව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, ඉදිරි දින කීපය තුළ දී දකුණ පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස් පති රවී විජේගුණවර්ධන මහතා අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. දැනට සොයාගෙන තිබෙන තොරතුරු අනුව, නීතිවිරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙක්, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මිය ගොස් ඇත. ඉන් පසුව අනෙක් ව්‍යාපාරිකයාද මරා දමා ඇති පොලිස් පිරිස, ඔවුන් දෙදෙනාගේ සිරුරු වළස්මුල්ල ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක පුළුස්සා දමා තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින්, මරා පුළුස්සා දමා ඇති ව්‍යාපාරිකයන් දෙදානාගේ කෙස් – නියපොතු සහ අස්ථි කොටස් සොයාගෙන තිබේ.
ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය; රවී විජේගුණවර්ධන අත් අඩංගුවට…?
0
827