ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර ගැටුම දුර දිග යන ලකුණු…!

0
655
- Advertisement -

පානි විජේසූන්දර මහත්මිය, අභියාචනාධිකරණයේ සභාපතිනිය ලෙස පත් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව අවස්ථා දෙකකදී ම ප‍්‍රතික්ෂේප වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙවැනි අවස්ථාවක ජනාධිපතිවරයා විසින් කළ යුතුව ඇත්තේ වෙනත් නමක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීම වුවත් මේ වන තෙක් ජනාධිපතිවරයා විසින් වෙනත් නමක් යෝජනා කර නැත. ව්‍යවස්ථා සභාව ඊයේ සවස රැුස් වී තිබුණ ද ජනාධිපතිවරයා වෙනත් නමක් යෝජනා කර එවන තෙක් ඔවුන්ට කළ හැකි දෙයක් නැත. ස්ථිර සභාපතිවරයෙකු අභියාචනාධිකරණයට පත් නොකිරීම නිසා අධිකරණ පද්ධතිය අර්බුදයට යන බව බොහෝ දෙනාගේ අදහසයි.