ව්‍යවස්ථා සභාවට ජනපතිගේ නියෝජිත ලෙස මහින්දානන්ද පත් කරයි.
ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පත්කර තිබේ.
ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විතය.
අගමැති තුමා.
කතානායක තුමා.
විපක්ෂ නායක තුමා.
ජනාධිපති නම් කරන නියෝජිතයෙක්.
අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා එකගතාවයෙන් යුතුව පත් කරන පස් දෙනෙක් සහ
පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂය විසින් නම් කරන පුද්ගලයෙකු.
19වන සංශෝදනය යටතේ හදුන්වා දෙන ලද ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ඇත්තේ ව්‍යවස්ථා සභාව යටතේ ය.
