වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ, මහාචාර්ය ආනන්ද සමරසේකර මිය යයි. අනුර සේනානායක පිළිකාවකින් පීඩා විදියි.

0
10627
- Advertisement -
Share

වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළ,
මහාචාර්ය ආනන්ද සමරසේකර මිය යයි.
අනුර සේනානායක පිළිකාවකින් පීඩා විදියි.

තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වනස් කළ බවට චෝදනා එල්ල වී සිටින, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරියා වූ මහාචාර්ය ආනන්ද සමරසේකර, මියගොස් ඇති බව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.

ඊට අමතරව, තාජුඩීන් ඝාතනයට අදාල සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, දරුණු ලෙස රෝගාතුර වී රෝහල්ගතව සිටින බවද නීතිපති දෙපාර්තමේන්තුව අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබේ.

තාජුඩීන් ඝාතනය සම්බන්ධ නඩුව, යළි නොවැම්ර් මාසයේ 19 වන දා කැදවීමට නියමිත අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 3 =