වසර 105 ක් පැරණි හැව්ලොක් ක්‍රීඩා සමාජයට ජයග්‍රහණ ගෙනදිය හැකි තරුණ ජවයක්.

0
567
- Advertisement -
Share

වසර 105 ක් පැරණි හැව්ලොක් ක්‍රීඩා සමාජයට
ජයග්‍රහණ ගෙනදිය හැකි තරුණ ජවයක්.

තුසිත පීරිස්, වසර 105ක් පැරණි හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය සදහා තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ වසර විසි පහක (25) පමණ අකන්ඩ දීර්ඝ සම්බන්ධයක් තුසිත පීරිස්ට තිබේ.

පාසල් අධ්‍යාපනය හමාර කළ හැටියේ 1993 වසරේ දී ඔහු හැව්ලොක් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට බැදුණේය. වසර ගනණක් කන්ඩායම නියෝජනය කල ඔහු 1998 වසරේ දී හැව්ලොක් කණ්ඩායමේ නායකත්වය ලබා ගත්තේ ය. ඉන්පසු, වසර හතක් (7) හැව්ලොක් කන්ඩායම නියෝජනය කල ඔහු 2000 වසරේ දී ක්‍රීඩා කිරීමෙන් සමුගෙන හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පරිපාලනයට එක් විය.

තුසිත, වසර එකොළහක් (11), හැව්ලොක් ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළේ ය. දෙවසරක (2) කාලයක් ක්‍රීඩා සමාජයේ උප සභාපති ධූරයේ වගකීම ඉසිලුවේ ය. ඊට අමතරව, වසර පහක (5) කාලයක්, හැව්ලොක් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු (Coach) ලෙස කටයුතු කළේ කිසිඳු වේතනයක් හෝ වරප්‍රසාදයක් ක්‍රීඩා සමාජයෙන් ලබාගන්නේ නැතිවය.

හැව්ලොක් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිය දී ම, ඔහු ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ සහාය පුහුණුකරු (Assistant Coach) ලෙසද කටයුතු කළේ ය. ඒ 2010 වසරේ දී ය.

2012 වසරේ, හැව්ලොක් කණ්ඩායම, ලීග් ශූරතාවය (League Championship) දිනා ගනු ලැබුවේ තුසිත පීරිස් එම කණ්ඩායමේ සහාය පුහුණුකරු (Assistant Coach) ලෙස කටයුතු කරමින් සිටින අවදියේ දී ය. කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරනවාට අමතරව, එම කාල සීමාව තුළ දී ඔහු හැව්ලොක් ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික ධූරයේ ද කටයුතු කළේ ය.

ඊට අමතරව, තුසිත පීරිස් බස්නාහිර පළාත් රග්බී සංගමයේ භාණ්ඩාගාරික ලෙස වසර හයකුත් (6), ශ්‍රී ලංකා රග්බි (SLR) හී ලේකම් දූරයේ පසුගිය වසර දෙකක (2) කාලයකුත් කටයුතු කර තිබුණි.

තුසිත පීරිස්, හැව්ලොක් ක්‍රීඩා සමාජයටත්, එහි රග්බී ක්‍රීඩාවටත් ජයග්‍රහණ දිනා දිය හැකි පරිණත මෙහෙයවන්නෙක් බව ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනාගේ මතයයි. ඔහුගේ මඟපෙන්වීම යටතේ, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ කීර්තිය තවත් ඔප්නැංවෙනු ඇති බව ඔවුන්ගේ විෂ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − three =