වසරේ ශ්‍රේෂ්ඨයා; ගේ‍්‍රටා තන්බර්ග්.

0
237
- Advertisement -
Share

ටයිම්ස් සගරාව, 1927 වසරේ සිට, ”වසරේ පුද්ගලයා” නම් කිරීම සිදු කරයි. ඒ අනුව, ටයිම් සගරාව විසින් 2019 වසරේ, ”වසරේ පුද්ගලයා” ලෙස, දහසය වියැති ගේ‍්‍රටා තන්බර්ග් නම් කර තිබේ.

ගේ‍්‍රටා තන්බර්ග් ස්වීඩන් ජාතික යෞවණියකි. එමෙන්ම, දේශගුණික විපර්යාසය පිළිබදව දැඩිව කතා කරන පරිසර කි‍්‍රයාකාරිනියකි. 2018 වසරේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතමින් ඈ ඉදිරිපත් කළ අදහස් සමග ලෝකයේ අවදානය තමන් වෙත දිනා ගන්නට ඈ සමත් වූවා ය.

සමුළුවට සහභාගීවීම සදහා, කාබන් දහනයක් සිදු නොවන යාත‍්‍රාවක නැගී දින 14 ක් තිස්සේ ඈ අත්ලාන්තික් සාගරය තරණය කළා ය.

එම සමුළුවට සහභාගීවීමට දිනකට පෙර. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට ගත් තීරණයට එරෙහිව පැවති උද්ඝෝෂණයකටද ඈ සහභාගී වූවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + twelve =