වසරක් පමණ නොපෙනී සිටි දීගජන්තු යළි කලාවැව ජාතික උද්‍යානයට

0
737
- Advertisement -

කහල්ල පල්ලෙකැලේ අභයභූමියෙන් වසරක පමණ කාලයක් අතුරුදන්ව සිටි කලාවැව ඇත්පතින්තියේ දීගජන්තු 01 හස්තියා පෙරේදා (01දා) සවස කලාවැව ජාතික උද්‍යානයට යළි පැමිණ ඇති බව වනජීවී නිලධාරින් පවසනවා.

ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් පෙරේදා (01දා) සවස කලාවැව ජාතික උද්‍යානයේදී එම දළ ඇතා නිරීක්ෂණය කර තිබෙනවා.

වසරකට පමණ අසන්න කාලයකට ඉහතදී දීගජන්තු 1 හස්තියා වෙඩිවැදීමකින් ඉදිරි පාදයක තුවාල ලබා සිට ඇති අතර සත්ව අධ්‍යක්ෂ පශූ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා මෙන්ම වනජීවී පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ හා ඉසුරු හේවා කෝට්ටගේ යන මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් දීගජන්තු 1 ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට එවකට කටයුතු කළා. කලාවැව ජාතික උද්‍යානය හා කහල්ල පල්ලෙකැලේ අභයභූමිය ආශි්‍රත ප්‍රදේශ කිහිපයකදී දීගජන්තු 1 ආඬියාගල ගල්ගොඩවැව ප්‍රදේශයේදීයි. ඉකුත් වසරේ දී එලෙස ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී එක්වරම දීගජන්තු 1 හස්තියා කහල්ල පල්ලෙකැලේ අභයභූමියෙන් අතුරුදන්ව තිබුණා.

කහල්ල පල්ලේකැලේ ප්‍රදේශයේදී එම හස්තියා වනජීවී නිලධාරීන් විසින් අවසන් වරට නිරීක්ෂණය කර තිබුණේ ඉකුත් වසරේ අගෝස්තු මස 01 වැනිදායි. ඉන්පසු ඊයේ (01දා) වනතෙක්ම දීගදන්තු 01 හස්තියා යළි නිරීක්ෂණය කිරීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට නොහැකිව තිබිණි. ඒ සමඟම එම ඇතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ කටකතා ද පැතිර යන්නට වුණා.

දීගජන්තු 1 හස්තියා කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත්පන්තිය අතරින් වැඩි සංචාරක ආකර්ෂණයක් දිනා ගත් වනසත්ත්ව ලෝලීන් අතර වඩාත් ජනප්‍රියතම හස්තියෙක්‌ වනවා. වයස අවුරුදු 35ක් පමණ වන පිරිපුන් ශරීරයකින් යුත් මෙම හස්තියාගේ අතුරුදන්වීමත් සමඟ කලාවැව ජාතික උද්‍යානයට පිවිසෙන වනසත්ත්වලෝලී සංචාරකයෝ ද දැඩි කනස්සල්ලට පත්ව සිටියා.

පෙරේදා (01දා) සවස කලාවැවට පැමිණ සිටි දීගජන්තු 1 හස්තියා නිරීක්ෂණය කළ වනජීවී නිලධාරීන් පැවැසූයේ වෙඩි වැදී තුවාල ලබා සිටියදී අතුරුදන්ව සිටි එම හස්තියා මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා නිරෝගීව සිටින බවයි. තවද අතුරුදන්ව සිටි ඉකුත් සමයේ දීගජන්තු 1 හස්තියා ගල්ගමුව මීගලෑව හා රැස්වෙහෙර ආදී ප්‍රදේශ රැසක සැරිසරමින් සිට ඇති බවද වනජීවී නිලධාරීහු පවසනවා.

ඒ අනුව කලාවැව ජාතික උද්‍යානයේදී නැවතත් දීගජන්තු1 හස්තියා සියැසින් දැකගැනීමට වනසත්ත්ව ලෝලීන්ට පෙරේදා (01දා) සිට අවස්ථාව උදාවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − four =