වසන්තට යන්න කියයි…!

0
813
- Advertisement -


රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ගේ පක්ෂ සාමාජිකත්ව අත් හිටුවීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණය කර තිබේ.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට සහාය දක්වන බව පැවසූවද, පසුව ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළ විය.

ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය පැවති දින පනස් දෙක තුළ දී, වසන්ත සේනානයක මහතා අසීමාන්තික වාර ගණනක් තමන්ගේ පැත්ත මාරු කිරීම සම්බන්ධයෙන් උපහාසයට ලක් විය.

කෙසේ වෙතත්, ඔහු දරන රාජ්‍ය අමාත්‍ය දූරයෙන් ඒ මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැති බවයි පැවසෙන්නේ.