“වසංගත තත්ත්වයකදී වුවත්, විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට තිබිය යුතුය.” සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ

0
1438
- Advertisement -
Share

වසංගත තත්ත්වයකදී වුවත්,
විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය
ජනතාවට තිබිය යුතුය.”
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපදින්නේනම්, උද්ඝෝෂණ පැවැත්වීම වැළැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

විරෝධය පළ කිරීමට ඇති හැකියාව, ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බවත්, වසංගත තත්ත්වයක් තුළ දී වුව, ඒ අයිතිය ඇහිරිය නොහැකි බව ඒ මහතා පවසා තිබේ.

මුහුණු ආවරණ පැළදීම, මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යෑම ඇතුළු අනෙකුත් උපදෙස් පිළිපදින්නේනම්, විරෝධතා කරුවන්ට, විරෝධය පෑමේ අයිතිය හිමිවිය යුතු බව ඔහු පවසයි.

පසුගිය සතියේ දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණය විසුරුවා හැරීමෙන් පසුව මාධ්‍ය ඇමතූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, කොරෝනා වසංගතය තවමත් තුරන්ව ගොස් නැති නිසා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් උද්ඝෝෂණ පැවැත්වීමට අවසර ලබා දී නැති බවයි.

ද සන්ඬේ මෝර්නිං පුවත්පත ඇසුරිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − 1 =