වසංගතය මැද්දේ රුසියානු සහ ජර්මන් සංචාරකයන් ගෙන්වීමට කැබිනට් පත‍්‍රිකාවක්.

0
440
- Advertisement -
Share
4 / 100

වසංගතය මැද්දේ – රුසියානු සහ ජර්මන් සංචාරකයන් ගෙන්වීමට කැබිනට් පත‍්‍රිකාවක්.

එක් කණ්ඩායමකට පනස්දෙනෙකුගේ පිරිසක් ඇතුළත් වන පරිදි, රුසියානු සහ ජර්මන් සංචාරක කණ්ඩායම් මෙරටට ගෙන් වීම සදහා අවශ්‍ය අනුමැතිය ඉල්ලා, සංචාරක අමාත්‍යංශය විසින් කැබිනට් පත‍්‍රිකාවක් යොමු කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන්

හෙළි කරයි.මේ සදහා කැබිනට් අනුමැතිය ලැබුනෝතින්, මත්තල ගුවන් තොටුපළින් රටට ඇතුළු කර ගන්නා මෙම සංචාරකයන්, දකුණු පළාතේ හෝටල් වෙත රැුගෙන යාමට නියමිත බව සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා පුවත්පත සමග පවසා තිබේ.

මෙසේ පැමිණෙන සංචාරකයන් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු විය යුතු අතර, දින 14 ක අනිවාර්ය නිරෝධායනට ද ලක් විය යුතු ය.

සංචාරකයන්ගේ පීසීආර් පරීක්ෂණ සදහා ප‍්‍රධාන පෞද්ගලික රෝහල් දෙකක් සහ කොතලාවල ආරක්ෂක පීඨයට සම්බන්ධ රෝහල නම් කර තිබේ.

මෙසේ පැමිණෙන සංචාරකයන්ගෙන් කිසිවෙකුවට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවුවහොත්, පෞද්ගලික රෝහල් දෙකට හෝ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට හෝ ඇතුළත් විය යුතුය.

රුසියානු සංචාරකයන් 44,000 ක් දිවයිනට ගෙන්විය හැකි බව, රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති, උදයංග වීරතුංග, සංචාරක අමාත්‍යංශයට දන්වා ඇති බවද සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − one =