වසංගතයට පසුව එන පළමු සංචාරක පිරිවර අද පස්වරු 2.40 ට මත්තලින් ගොඩ බසියි.

0
357
- Advertisement -

වසංගතයට පසුව එන පළමු සංචාරක පිරිවර
අද පස්වරු 2.40 ට මත්තලින් ගොඩ බසියි.

කොරෝනා වසංගතය ආරම්භ වූවාට පසුව ඇන හිට තිබූ සංචාරක කර්මාන්තය යළි පන ගන්වමින්, පළමු සංචාරක පිරිවර, යුක්රේනයේ සිට අද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ය.

අද දිනයේ දී සංචාරකයන් 215 දෙනෙකු පැමිණීමට නියමිත ය.

අද දිනයේ සිට ජනවාරි මාසයේ 24 වන දා දක්වා, සංචාරකයන් 3000 ක පිරිසක් දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සදහා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මූලිකත්වය ගෙන තිබේ.