වල් ඌරෙක් නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්,

0
795
- Advertisement -

පොලිස් පරීක්ෂකවරයකුට සහ පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (16) බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

ඒ වල් ඌරු මස් අලෙවි කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා 2006 වසරේ දෙසැම්බර් මස 11 වනදා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට ඔවුන්ට චෝදනා එල්ල වුණා.

තීනියාවල පොලිසියේ පොලිස් පරීක්ෂක මහින්ද කිත්සිරි කහපොල ආරච්චි සහ පොලිස් සැරයන් සඳකැලුම් ජයවර්ධන යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ මෙම නඩු පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව ඔවුන් වරදකරු කරන බවත් ප්‍රකාශ කළා.

ඒ අනුව විත්තිකාර පොලිස් පරීක්ෂකවරයාට බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් සහ රුපියල් විසි දහසක දඩයක් ද නියම කළා. පොලිස් සැරයන්වරයාට වසර 07ක සිර දඬුවමක් සහ රුපියල් 40,000ක දඩයක්ද නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 8 =