“වරාය මෙහෙයුම්කටයුතු බිද වැටේ. පසුගිය දෙසතියේ නැව් හතලිහක් කොළඹ වරාය මග හැර යති…!” හරීන් ප‍්‍රනාන්දු හෙළිකරයි.

0
313
- Advertisement -

“වරාය මෙහෙයුම්කටයුතු බිද වැටේ. පසුගිය දෙසතියේ නැව් හතලිහක් කොළඹ වරාය මග හැර යති…!”
හරීන් ප‍්‍රනාන්දු හෙළිකරයි.

වසංගතය හේතුවෙන් සේවක හිගයක් මතුව ඇතිව ඇති නිසා මෙහෙයුම් කටයුතු බරපතල ලෙස අඩාල වීමේ ප‍්‍රතිඵලයක් ලෙස, කොළඹ වරායට පැමිණිය යුතු නැව් 40 ක් පමණ පසුගිය දෙසතිය තුළ කොළඹ වරාය මගහැර ගොස් ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා ට්වීටර් පණිවිඩයක් ඔස්සේ මේ කරුණ අනාවරණය කර තිබේ.

කොළඹ වරාය, ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් තිබෙන වරායකි. උද්ගතව තිබෙන තත්ත්වය මත වරාය හිමිකරගෙන තිබෙන කීර්තිනාමය පළුදුවීමේ අවදානමක් ඇති බැවින්, බලධාරීන් මේ පිළිබදව විශේෂ අවධානය යොමු කළ යුතුව තිබේ.

සේවක හිගය මත වරායේ මෙහෙයුම්කටයුතු අඩාල වීම හේතුවෙන්, මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල හිගයක් ඉදිරි කාලය තුළ මතු වීමේ අවදානමක් ඇති බවද හරීන් ප‍්‍රනාන්දු මහතා සිය ට්වීටර් පණිවිඩයේ සදහන් කර තිබේ.