වර්ජකයන් අමාරුවේ..! දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරයි.

0
758
- Advertisement -

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අද රාත‍්‍රියේ දී නිකුත් වේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද අදාල ගැසට් නිවේදනය, මුද්‍රණය කිරීම සදහා මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

පසුගිය විසිපස් වෙනිදා සිට මේ දක්වා දුම්රිය සේවකයන් වැඩ වර්ජනයේ නිරතව සිටින අතර, වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි පීඩාවකට ගොදුරුව සිටිති.

කිසියම් සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීමෙන් පසුව අදාල සේවාවට සම්බන්ධ වෘත්තීය සමිති විසින් වැඩ වර්ජන සහ උද්ඝෝෂණ දියත් කිරීම ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥප්තියට අනුව නීති විරෝධී ලෙස සැලකේ.