වයඹ පළාත තුළ ජලභීතිකා අවධානමක්

0
749
- Advertisement -

වයඹ පළාත තුළ සුනඛයන්ට ජලභීතිකා එන්නත් කිරීම මේ වනවිට සම්පූර්ණයෙන්ම නතර වීමෙන් ජලභීතිකාව යළි හිස එසවීමේ ලකුණු පහළ වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

වසරකට අධික කාලයක් තිස්සේ මෙම ජලභීතිකා එන්නත් කිරීම නැවතී ඇති බවත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව අතරේ ඇති වී තිබෙන ගැටලුවක් නිසා මෙය නතර වී ඇති බවත් නිවාසවල ඇති කරන සුරතල් සතුන්ට පෞද්ගලික ෆාමසියකින් හෝ එය මිලදී ගෙන එන්නත් කිරීමට නොහැකි දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක් ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ පිළිබඳව වයඹ පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ එන්. ෆරීඩ් මහතාගෙන් විමසූ විට පැවැසුවේ අවුරුදු ගණනාවක් තිස්සේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ තිබුණු මෙම සේවාව කැබිනට් අනුමැතියකින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + five =