‘වඳ පෙති, වද කොත්තු, වඳ යට ඇදුම් සහ වඳ දොස්තරලා වෙනුවට වඳ පොල්තෙල් ලැබී ඇත.’ හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

0
599
- Advertisement -

‘වඳ පෙති, වද කොත්තු, වඳ යට ඇදුම් සහ
වඳ දොස්තරලා වෙනුවට වඳ පොල්තෙල් ලැබී ඇත.’ හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

පිළිකාකාරක අඩංගු පොල් තෙල් තොග මේ වන විටත් මෙරට වෙළද පොළට නිකුත්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් වෙළද අමාත්‍යවරයාද ඇතුළුව ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙම පොල්තෙල් තොග වෙළද පොළට නිකුත්ව ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

හෙළ බොදු සංවිධානය පවසන්නේ අදාල පොල්තෙල් තොග මේ වන විටත් වෙළද පොළට නිකුත්ව ඇති බවයි. එමෙන්ම මිට පෙර පිලිකාකාරය අඩංගු වියලි මිරිස් ද වෙළද පොලට නිකුත්ව ඇති බව ද හෙළ බොදු සංවිධානය චෝදනා කරයි.

මෙම පිළිකාරක පොල්තෙල් දේශීය වෙළදපොලට නිකුත්ව තිබීමේ බරපතලකම පිළිබදව ජනාධිපතිවරයා දැනුම්වත් කරමින් එම සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.


එම ලිපිය පහත අපි පළ කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 13 =