වන අලි ප්‍රහාර වලින් සිදුවන ජීවිත හානි වන්දි මුදල ඉහළට

0
672
- Advertisement -

අලියකු පහරදීමෙන් සිදුවන මරණයක් සඳහා දැනට ගෙවන රුපියල් ලක්ෂ පහක වන්දි මුදල රුපියල් ලක්ෂ දහයක් දක්වා වැඩි කිරීමට තීන්දු කර ඇති බවත්, වනජීවීන් බහුලව ගැවසෙන ප්‍රදේශවල පදිංචි වන ජීවීන් පිළිබඳව අවබෝධය තිබෙන 1,000ක් දෙනා බඳවාගෙන විදුලි වැට රැකීම ඇතුළු කටයුතුවලට යොදා ගන්නා බවත්, පරිසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන පැවසුවා.

වන අලි ජීවත් වන ප්‍රදේශවල උන්ගේ සීමාවන් වෙන්කර කිලෝමීටර් 5,000ක ප්‍රදේශයක විදුලි වැට ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා සඳහන් කළා.

බත්තරමුල්ල, පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (5 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළ අතර අලි මිනිස් ගැටුම් හැකි ඉක්මනින් අවම කිරීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ඇමැතිවරයා පැවසුවා.

මෙම කටයුත්ත සඳහා විශාල මුදලක් වැයවන බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම මුදල් ලබාදීමට එකඟ වූ බව ඇමැතිවරයා සඳහන් කළා.

සිවිල් ආරක්ෂක සෙබළුන් 2,000ක් අද (6 වැනිදා) සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති බව ඇමැතිවරයා සඳහන් කළ අතර හොරොව්පොතාන අලි සංචාරක මධ්‍යස්ථානය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට කටයුතු යොදන බවද පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =