වනෝද්‍යානයක් මැදින් කිලෝමීටර් 14 ක මාර්ගයක් ඉදිකිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමති රොෂාන්ගෙන් වනජීවියට බලපෑමක්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින්, කිලෝමීටර් 14 ක දිගින් යුත් මාර්ගයක් ඉදිකිරීම සදහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඉඩම් කළමණාකරන කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් වන ජීවී දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා පළ වේ.
පොලොන්නරුව, මනම්පිටියේ සිට යක්කුරේ දක්වා දිවෙන පැරණි මාර්ගයක් මෙසේ යළි හදිසියේම සංවර්ධනය කිරීම සදහා අමාත්‍යවරයා මැදිහත් ව සිටින බවයි පැවසෙන්නේ.
ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මාර්ගය කාලයක් තිස්සේ වසා දමා ඇති බවත්, ඊට විකල්ප මාර්ගයක් දැනටමත් ඉදිකර තිබෙන බවත් පැවසේ.
ඒ නමුත්, පසුගිය මැතිවරණ සමයේ දී ලබා දුන් පොරොන්දුවක් අනුව, මෙම මාර්ගය ඉදිකිරීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම පරිසර පද්ධතියට අයත් ප්‍රදේශයේ වැලි හෑරීමේ කටයුතු සිදුව ඇති අතර, පරිසරවේදීන්ගේ එල්ල වූ බලපැම හමුවේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කටයුත්ත ද තහනම් කර තිබේ.