“වනාතවිල්ලුව” පරිසරයට කරන ලද හානිය සුළුපටු නොවන බව මහින්ද අමරවීර කියයි.

0
179
- Advertisement -
Share
58 / 100

පරිසරයට කරන ලද හානි කවුරු කුමන බලයක් යොදා කුමන ලෙසකින් කළද ඒවා සුළු කොට තැකිය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනාතවිල්ලුවේදි ඊයේ (01) පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වනාතවිල්ලුව කුරටියාමොට්ටේ ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමියක් කිසියම් පිරිසක් විසින් කපා විනාශ කර ඇති ආකාරය ගැන සොයාබැලීමට ගිය අවස්ථාවේදීය.

වසර සිය ගණනක් පැරණි වනාන්තරයක සිමෙන්ති සංස්ථාවට අයත් කොටසේ කිසියම් පිරිසක් විසින් මීට මාසයට පමණ පෙර නීතිවිරෝධී අයුරින් ඇතුල් වී යාන්ත්‍රික කියත් භාවිතා කරමින් දැවැන්ත ගස් කපා ගිනි තබා වනසා තිබුණි.

ඒ දුටු පරිසර අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“කවුරුන් කුමන ලෙසකින් කුමන බලයක් යොදා ගනිමින් සිදුකළද, පරිසරයට කරනු ලබන හානිය සුළු පටු ලෙස තැකිය නොහැකියි. මේ ආකාරයේ වසර සිය ගණනක වනාන්තර කපා විනාශ කිරීම නම් රජයක් ලෙස අනුමත කරන්නේ නැහැ .

එසේම කුමන දේශපාලන බලයක් යොදා ගනිමින් කළද, ඒ සඳහා අපි අදාල නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා හොඳම උදාහරණය තමයි ආනවිළුන්දාවේ සිද්ධිය… අපි ඒ සඳහා සියලුම පාර්ශවයන් අත්අඩංගුවට ගැනීමට පසුබට වුනේ නැහැ.

ඒ නිසා කිසිම ලෙසකින් පරිසරයට හානි කරන කිසිවකුටවත් බලය, නිලය අදාල නොකර නිසි නීතිය ක්‍රියාත්මක කරන්න අපි පසුබට නැහැ.

වනසා දැමූ මෙම භුමිය සිමෙන්ති සංස්ථා අයත් වන අතර එය බදු පදනම මත ‘ඉන්සි‘ සිමෙන්ති පුද්ගලික සමාගම එම භුමියේ නැවත වන වගාව අරඹා තිබේ. ඇමතිවරයාද මෙහිදී පැල රෝපණය කිරීමට එක්විය. මේ අවස්ථාවට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ එම්.කේ. දිසානායක යන මහත්වරු ඇතුලු නිලධාරීහු පිරිසක් මීට සහභාගි වූහ.

lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 1 =