”වද කොත්තු” වීඩියෝව සහ තවත් එවැනි ව්‍යාජ වීඩියෝ සංසරණය වීමට ඉඩ දීල රට තුළ ගැටුම් ඇතිවීමේ වාතාවරණයක් ගොඩ නැගීම පිිළිබදව ෆේස්බුක් ආයතනය සමාව ඉල්ලයි.

0
417
- Advertisement -
Share

2018 වසරේ දී රට තුළ ගොඩ නැගුණු මුස්ලිම් විරෝධයල එතරම් දරුණු තත්ත්වයකට පත්වීමටල ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංචරණය වූ වීඩියෝ සහ පෝස්ට් හේතු වී ඇති බවත්ල තමන් විසින් නිර්මාණය කරන ලද ෆේස්බුක් සමාජ මාධ්‍යයල එවැනි අවභාවිතාවකට ලක් වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලන බව ෆේස්බුක් ආයතනය පවසයි.

2018 වසරේ ඇති වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ එහිදීල එම ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රවර්ධනය කිරීමට ෆේස් බුක් අවභාවිතා වූ ආකාරය පිළිබදවල ෆේස්බුක් ආයතනය විමර්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තාව අනුව ඔවුන් මෙම සමාව ඉල්ලීම සිදු කර තිබේ.

විශේෂයෙන්ම වද කොත්තු වීඩියෝව වැනි පදනම් විරහිත ව්‍යාජ වීඩියෝ ප‍්‍රචාරය වීම වැළැක් වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද ඔවුස් සිය කණස්සල්ල ප‍්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, 2018 වසරේ ඇති වූ තත්ත්වයන්ගෙන් පසුව, සිංහල මාධ්‍යයෙන් ෆේස් බුක් ඔස්සේ සංසරණය වන වීඩියෝ සහ පෝස්ට් විමර්ෂණය කිරීම සදහා විශේෂ අවදානයක් යොමු කර තිබෙන බවද ෆේස් බුක් ආයතනය පවසයි.

https://www.bloomberg.com/amp/news/articles/2020-05-12/facebook-apologizes-for-role-in-sri-lankan-violence?__twitter_impression=true

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =