වදසැත්කම් කතාවට ගොතන්න සම්බන්ධ වූ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහිව පරීක්ෂණ

0
4014
- Advertisement -

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් පිළිබදව පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ජාතීන් අතර කලබල ඇතිකළ හැකි පුවතක් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා දැනුවත් නොකොට මාධ්‍ය වෙත ලබා දීම, හිතාමතාම ජාතීන් අතර කලබල ඇතිවීමට අනුබල දීම හා ඔහු විසින් නිර්මාණය කරන ලද පුවතට අදාල කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඒ පිළිබදව ලැබී ඇති පැමිණිලි එකින් එක විභාග කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් යෙදවීමට සිදුවීම ඔහුට එල්ල වී ඇති චෝදනා වේ.
තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු සිංහල බෞදධ මවුවරුන් 4000 ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා දිවයින පුවත්පතේ ප‍්‍රධාන පුවත වශයෙන් පළකර තිබුණි. ඒ පිළිබදව කට උත්තර ලබා දීමේ දී මාධ්‍යවේදී හේමන්ත රන්දුණු සහ දිවයින ප‍්‍රධාන කර්තෘ අනුර සොලමන්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ කර තිබුණේ තමන්ට තොරතුරු දුන්නේ කුරුණෑගල දිස්ති‍්‍රක්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මෙම චෝදනා ගොනු කිරීම් සිදු කර ඇත.
(උපුටා ගැනීම – අනිද්දා පුවත්පත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 5 =