වතුකම්කරු දිනෙක වැටුප රුපියල් 1000 අනතුරේ.

0
179
- Advertisement -

මාර්තු පළමුවන දා සිට. වතු කම්කරුවකුගේ දිනෙක වැටුප රුපියල් දහසක් බවට පත් කරන ලෙස රජය වතු සමාගම් වෙත දැනුම් දි තිබේ. මෙවැනි වැටුප් වැඩිවීමක් සිදු කළහොත්, රුපියල් බිලියන 6 කින් පමණ ඔවුන්ගේ වියදම් ඉහළ යන බව වතු සමාගම් පවසයි. මෙම වියදම් ඉහළ යෑමට, සේවක අර්ථ සාධක අරමුදලට සමාගම්වලින් ගෙවිය යුතු මුදල් සහ ග‍්‍රැටිවිටි දීමනා ඇතුළත් නොවේ.

මෙම තත්ත්වය මත, රජය ගෙන තිබෙන මෙම තීරණයෙන් තේ කර්මාන්තය බිද වැටීමේ අණතුරක් ඇති බව වතු සමාගම් පවසයි.

පසුගිය සිකුරාදා වතු හාම්පුතුන් අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සමග මෙම කරුණු පිළිබදව සාකච්ඡුාවක් පවත්වා ඇති බව පැවසේ.

වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ මැතිවරණ පොරොන්දුව, රජය පාර්ශ්වයෙන් කිසිදු දායකතවයක් නොදී සම්පුර්ණයෙන්ම හාම්පුතුන් මත පැටවීම සමබන්ධයෙන් ඔවුන් සිය විරෝධය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + fifteen =