වත්මන් ආණ්ඩුවේ ආර්ථික නිරුවත පාඨලී පෙන්වා දෙයි

0
71
- Advertisement -

වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොමැති ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාව අන් කිසිදු අවස්ථාවක නොමැති ආකාරයේ ආගාධයක් වෙත යමින් තිබෙන බව පාර්ලිමේන්තු මනන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.


ඔහු අදහස් දැක්වූයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ පාලන කාලය තුළම මුදල් අච්චු ගසන ලද්දේ බිලියන 29ක පමණි. එමෙත් මේ වනවිට වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 1300කට වඩා මුදල් අච්චු ගසා තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මෙන්ම සියලූම භාණ්ඩ හා සේවා මේ නිසා දැරිය නොහැකි ආකාරයට මිළ ඉහළගොස් ඇති අතර එය පාලනය කළ නොහැකි තත්වයක් කරා යොමු වෙමින් පවතී.

මේ අතර රසායනික පොහොර හා කෘෂි රසානික ද්‍රව්‍ය තහනම් කරන්නට ආණ්ඩුව ගත් පියවර නිසා ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල වී තිබේ. මේ නිසා තේ, රබර්, පොල් ඇතුළු අපනයන නිපැයුම පමණක් වී හා එළවළු වගාවද මේ වනවිට ඇත්තේ අවදානම් කලාපයකය. තේ වගාවේ අස්වැන්න පමණක් මේ අනුව 40%කින් අඩු වී තිබීමෙන්ම පවතින භයානක තත්වය අවබෝධ කරගත හැකිය. මේ හේතුවෙන් අද ලංකාව උග්‍රම මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබේ. මේ අනුව ලංකාවට අපනයන භෝග වලින් පමණක් වාර්ෂිකව ලැබුන විදේශ විනිමය ඩොලර් මිලියන 1300ක් වැරදි ප්‍රතිපත්ති නිසා මේ වනවිට අහිමි වී ත ිබේ. පාලන මිළක් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතු බවත්, මේ වනවිට එම පාලනය ආණ්ඩුවෙන් ගිලිහෙමින් තිබීම හේතුවෙන් නොයෙක් ආකාර‍යේ මාෆියාවෙන් බිහිවීම සාමාන්‍ය දෙයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහි උග්‍රතම තත්වය වන්නේ සතොස වැනි රාජ්‍ය ආයතන පවා කළුකඩයක් බවට මේ වනවිට පත්වීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =