වත්තල රෙදි කඩයක හදිසි ගින්නක්.

0
838
- Advertisement -

වත්තල – හේකිත්ත මං සන්ධියේ රෙදිපිළි අලෙවිසැලක අද උදෑසන 6.30ට පමණ ගින්නක් හටගෙන ඇත.

මහල් 3කින් සමන්විත රෙදිපිළි වෙළදසැලක මෙම ගිණි ගැනිම හට ගෙන ඇත, ගින්න මැඬ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ගිනි නිවන රථ 5ක් පමණ යොදවනු ලැබුවා.

ඊට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන්, වත්තල පොලීසිය සහ ප්‍රදේශවාසීන් මේ සඳහා එක්ව සිටින බව සඳහන්.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වන්නට ඇති බවට සැක කරන බවයි පොලීසිය පැවසුවේ.