“වත්කම් ප්‍රකාශ භාර නොදෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය හමුවට යනවා.” රෝහණ හෙට්ටිආරච්චි

0
132
- Advertisement -
Share

වත්කම් ප්‍රකාශ භාර නොදෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව
නීතිය හමුවට යනවා.” රෝහණ හෙට්ටිආරච්චි

අළුතෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු, ඔවුන්ගේ වත්කම් පිළිබදව සියළු තොරතුරු අගෝස්තුමාසයේ විසිවන දාට පෙර මැතිවරණ කොමිසමට භාර දිය යුතුව තිබේ. ඒ නමුත්, තවමත්, එසේ වත්කම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරු සිටින බවයි වාර්තා වන්නේ.

මේ දක්වා වත්කම් ප්‍රකාශ භාර දුන් අයගේ සහ භාර නොදුන් අයගේ නාම ලේඛනය මෙතෙක් මැතිවරණ කොමිසම මගින් හෙලිදරව් කර නැත.

ඒ කෙසේ වෙතත්, අගෝස්තු විසිවනදා වන විටත් වත්කම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරු සිටීනම්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් ආයතනයේ සභාපති, රෝහණ හෙට්ටි ආරච්චි මහතා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =