වට්ටක්කා කිලෝවක් රුපියල් දෙසීයයි

0
546
- Advertisement -
Share

මාස කිහිපයකට පෙර කිලෝවක් රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව තොග පිටින් විනාශ කර දැමූ වට්ටක්කා කිලෝවක් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් දෙසීය දක්වා මේ වනවිට මිල ඉහළ නැඟ තිබෙනවා.

හේන්වල බහුලව වගා කරන වට්ටක්කා වගාවන් පවතින නියං තත්ත්වය හේතුවෙන් විනාශ වීම මේ මිල ඉහළ යෑමට හේතු වී තිබෙනවා. අධික ලෙස මිල ඉහළ යෑම නිසා මේ වනවිට බොහෝ එළවළු වෙළෙඳසල් හිමියන් වට්ටක්කා අලෙවි කිරීම අතහැර දමා තිබීමද සුවිශේෂී තත්ත්වයක් බව පෙන්වාදෙන පාරිභෝගිකයෝ මින් පෙර කිසිදු කාලයක වට්ටක්කා කිලෝවක් රුපියල් දෙසීය දක්වා ඉහළ ගිය වගක් තමන් අසා නැතැයිද පවසනවා.

වෙනදා අනුරාධපුරය, කැකිරාව, සියඹලාණ්ඩුව හා වැල්ලවාය යන ප්‍රදේශවලින් බහුලව තොගපිටින් වට්ටක්කා වෙළෙඳපොළට ලැබුණු නමුත් මේ වනවිට වෙළෙඳපොළ වෙත වට්ටක්කා ලැබන්නේ ඉතා කලාතුරකින් බව වෙළඳුන් පවසනවා. බදුල්ල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ එළවළු වෙළෙන්දන් පවසන්නේ පවතින හිඟය මෙම මිල වැඩිවීමට හේතුව බවයි.

මේ අතර මාස තුනකට පමණ පෙර තමන්ට සාධාරණ මිලක් නොලැබෙන බව පවසමින් වට්ටක්කා ගොවීන් දියත් කළ විරෝධතා හේතුවෙන් සහතික මිලකට වට්ටක්කා මිලදී ගැනීමටද රජයට සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 10 =