වජිර-රවී සහ නවීන් එජාප නායකත්වය ඉල්ලති. රනිල්ගේ කැමැත්ත රුවන්ට.

0
352
- Advertisement -

වජිර-රවී සහ නවීන්
එජාප නායකත්වය ඉල්ලති.
රනිල්ගේ කැමැත්ත රුවන්ට.

එජාප නායකත්වය සදහා රවී කරුණානායක, වජිර අබේවර්ධන සහ නවීන් දිසානායක අතර තරගයක් ඇතිව තිබෙන බව, එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාරග සදහන් කරයි.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික අදහස වී ඇත්තේ, තමන්ගෙන් පසු පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන වෙත ලබා දීම බව පැවසේ.

මේ අතර, එජාපය සදහා හිමි ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය තමන් වෙත ලබා ගැනීමට, වජිර අබේවර්ධන කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය දිනෙක ගාල්ල ආසන බලමණ්ඩලය කැදවා ඇති වජිර අබේවර්ධන, එහිදී, තමන්ගේ නම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සදහා යෝජනාවක් ඉදිරිපත් කර එය සම්මත කරගෙන තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, අද සවස කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 9 =