වගකීම භාර ගනී. නවසීලන්ත සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වේ.

0
889
- Advertisement -

වගකීම භාර ගනී.
නවසීලන්ත සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වේ.

නවසීලන්තය සැලකෙන්නේ, කොරෝනා වසංගතයට සාර්ථකව මුහුන දුන් රටක් වශයෙනි. අවසන් කොරෝනා රෝගියාත් සුව වූ පසුව, නවසීලන්ත රජය, එරට දේශසීමා, සීමාසහිතව විවෘත කිරීමට තීරණය කළේ ය. කෙසේ වෙතත්, නවසීලන්තය කොරෝනාවෙන් නිදහස් බව, එරට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කිරීමෙන් පසුව, යළිත් ආසාදිතයන් කිහිප දෙනෙකු ම එරටින් වාර්තා විය.

ඊට අමතරව, නිරෝධායනයේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු – නිසි කාලය සම්පූර්ණ වීමට පෙර නිරෝදායෙන් මුදා හැර තිබීම සම්බන්ධයෙන් ද එරට සෞඛ්‍ය අංශ වෙත චෝදනා එල්ල විය. එසේ මුදා හැර තිබුණු පුද්ගලයෙන් දෙදෙනෙකු ආසාදිතයන් බවට පසුව වාර්තා විය.

කොරෝනා මර්දනයට සාර්ථකව මුහුන දුන්නත්, නොසැලකිලිමත් භාවය මත යළිත් රට අනතුරේ හෙළීම සම්බන්ධයෙන් වගකීම භාරගත් එරට සෞඛ්‍ය අමාත්‍ය ඬේවිඞ් ක්ලාක් සිය ඉල්ලා අස්වීම අගමැතිනී, ජසින්දා ආර්ඬේන් වෙත භාර දී තිබුණු අතර, ඇය එම ඉල්ලා අස්වීම පිළිගෙන තිබුණි.