ලෝක බැංකු පද්ධතියට අභියෝගයක්. ෆේස් බුක් වෙතින් ඩිජිටල් මුදල් ඒකකයක්.

0
368
- Advertisement -

ලෝකය පුරා ව්‍යාප්ත, වෝඩර්ෆෝන්, ඌබර්, ඊබේ, මාස්ටර් කාර්ඞ්, පේ පෑල් ඇතුළු සමාගම් 27 ක් හා එක්ව, ලාභ නොලබන සමාගමක් වූ ලිබ්රා සමාගම [Libra Association] ගොඩ නැගීමේ කටයුතු සඳහා ෆේස් බුක් සමාගම අද දිනයේ දී කටයුතු කර තිබේ. එමෙන්ම, බිලියන ගණනාවක ෆේස් බුක් පරිශීලකයන් හට මූල්‍ය ගනු දෙනු කර ගැනීම සඳහා ලිබ්රා Libra යන නමින් නව ඩිජිටල් මුදල් ඒකකයක් හදුන්වා දීමටද ෆේස් බුක් සමාගම සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය 2020 වසරේ දී දියත් කිරීමට ඔවුන් සැලසුම් කර තිබේ. බිලියන ගණනක පරිශීලිකයන් ගණනක් සිටින ෆේස් බුක් සමාගම නව මුදල් ඒකකයක් හදුන්වා දීම ලෝකයේ සමස්ත බැංකු පද්ධතියටම අභියෝගයක් වනු ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − six =