ලෝක අහාර සංවිධානයෙන්, කෘෂිකර්ම අමාත්‍යංශයට නොමිලේ ලැබුණු පිටි තොගය, ශශීන්ද්‍ර රාජපක්ෂ, තමන්ගේ වගේ බෙදනවාලූ. විජිත හේරත් චෝදනා කරයි.

0
2013
- Advertisement -

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමග, ලෝක ආහාර සංවිධානයෙන්, කෘෂිකර්ම අමාත්‍යංශයට විශාල පිටි තොගයක් ලැබී ඇති බවත්, නොමිලයේ ලැබුණු එම පිටි තොගය, මේ වන විට, මොණරාගල දිස්ත‍්‍රික්කය තුළ බෙදා හරිමින් තිබෙන බවත්, වාර්තා වී ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, විජිත හේරත් මහතා පවසා සිටියේ ය.

මෙසේ එම පිටි තොගය බෙදා හැරීමේ දී, එම පිටිතොගය, ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ප‍්‍රදේශයේ ජනතාවට නොමිලයේ බෙදා හරින පිටිතොගයක් ලෙස හැගී යන පරිදි එම බෙදාදීමේ කටයුතු සිද්ධ වෙමින් පවතින බවද ඔහු පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා වන්නේ චමල් රාජපක්ෂ මහතා වන අතර, ඔහුගේ පුත් ශශීන්ද්‍ර රාජපක්ෂ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් තරග වදියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 18 =