ලෝකය යටත් කර ගැනීමේ චීන ව්‍යාපෘතියට එරෙහිව, ලෝකයේ බලවත් රටවල් 07 ක මහජන නියෝජිතයෝ පෙරමුණක් හදති.

0
777
- Advertisement -
Share

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අටක මහජන නියෝජිතයෝ, චීනයේ බලපෑමෙන් ලෝකය බේරා ගැනීම සදහා පෙරමුණක් සෑදීමට පියවර ගෙන තිබේ.

චීනය, වෙළද ගනුදෙනු හරහා ලෝක ආධිපත්‍යය තමන් වෙත නතු කර ගැනිමට උත්සාහ දරනවාට අමතරව, ප්‍රජාතන්ත්‍රවාදය නොතකා හැරීම හරහා මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටින බවද මෙම නව පෙරමුණ පවසයි. විශේෂයෙන්ම, හොංකොන් රාජ්‍ය තුළ සිය බලය තහවුරු කර ගැනීමට දරන උත්සාහයේ දී චීනය මානව අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.

ලෝකය යටත් කර ගැනීමේ චීන ව්‍යාපෘතියට එරෙහි පෙරමුණ සදහා, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය, ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඕස්ටේ්‍රලියාව සහ කැනඩාව නියෝජනය කරන මහජන නියෝජිතයන් එක් ව සිටිති.

චීනය බලවත් වීම, ලෝකය තුළ මෙතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට තර්ජනයක් වන බවයි මෙම එකමුතුවේ අදහස වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =