ලෝකයේ විශිෂ්ඨතම ගුරුවරයා.

0
782
- Advertisement -

වාකී පදනම [Varkey Foundation] විසින් වාර්ෂිකව පිරිනමන ලෝකයේ විශිෂ්ඨතම ගුරුවරයාට හිමි සම්මානය පීටර් ටබිචි  [Peter Tabichi] විසින් දිනාගෙන තිබේ. පීටර් ටබිචි කෙන්යාවේ දුෂ්කර පළාතක පිහිටි පාසලක ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරයෙකි. අදාල සම්මානය සමඟ ඇමරිකානු ඩොලර් මිලියනක මුදල් ත්‍යාගයක්ද ඔහුට හිමි වේ. පීටර් ටබිචි, ගණිතය සහ භෞතික විද්‍යාව උගන්වන් ගුරුවරයෙකි. ඔහු උගන්වන පාසලේ දරුවන් සියල්ලන්ම පාහේ ඉතා දිළිදු පවුල් පසුබිමකින් පැවත එන අය වන අතර, පීටර්  ඔහු ගේ මාසික වැටුපෙන් 80%ක් ම වැය කරන්නේ එකී දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙනි. මේ පාසලේ බොහෝ දරුවන් මත්ද්‍රව්‍යවලට හෝ වෙනත් විෂමාචාරයන්ට ගොදුරු වූවන් ය. ළමා වියේ දී ම අම්මාවරු බවට පත්වෙන ඇතැම් ගැහැණු දරුවන් ඉක්මනින්ම පාසල හැර යති. පීටර් ටබිචි, මේ දරුවන්ගේ ඉරණම වෙනස් කිරීමට සමත් වූ ගුරුවරයෙකි. ඔහු පාසලේ විද්‍යා සංගමයක් පිහිට වූ අතර, ඔහුගේ දරුවෝ ජාතික සහ ජාත්‍යන්තර විද්‍යා තරඟ සදහා සහභාගී වී සම්මාන ලබති. මෑතක දී ඔහුගේ ශිෂ්‍යයෝ රාජකීය රසායන විද්‍යා සංගමයෙන්ද සම්මාන දිනා ගැනීමට සමත් විය.