ලෝකයේ වැඩිම ආසාදිතයන් ගණන ඇමරිකාවෙන්. 85,500 කට කොරෝනා පොසිටිව්.

0
605
- Advertisement -

ඇමරිකාව පුද්ගලයන් පන් ලක්ෂ පනස් දෙදාහක් සදහා කොරෝනා පරීක්ෂණය සිදු කර ඇති අතර, ඉන් පුද්ගලයන් අසූ පන් දහස් පන්සියයක් දෙනාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අනුව, මෙතෙක්, ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණයක් සහිත රට බවට, ඇමරිකාව පත්ව තිබේ. නමුත් චීනයට සහ ඉතාලියට සාපේක්ෂව, ඇමරිකාව තුළ සිදුව තිබෙන කොරෝනා මරණ සංඛ්‍යාව අඩු අගයක පවතී.

ඇමරිකාව තුළ කොරෝනා මරණ 1300 ක් වාර්තා වන විට, ඉතාලිය තුළ මරණ 8215 ක් සහ චීනය තුළ කොරෝනා මරණ 3291 ක් වාර්තා වී තිබුණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා සිටින්නේ, ලෝකයේ කිසිදු රටක්, ඔවුන් සිදු කල පරිද්දෙන් විශාල පුද්ගලයන් පිරිසක් සදහා කොරෝනා වෛරස පරීක්ෂාව සිදු කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =