ලෝකයේ බලගතු රටවල් කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය වර්ජනය කළා ද?

0
629
- Advertisement -

අගෝස්තු 29 සහ 30 යන දිනයන් වල දී, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, ආරක්ෂක සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ලෙසට කරන ලද ආරධනා භාර ගත් ලෝක බලවතුන් කිහිප දෙනෙකුම එකී ආරක්ෂක සම්මන්ත්‍රණය වර්ජනය කර තිබෙන බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

යුධ අපරාධ චෝදනා එල්ල වී ඇති අයෙකු හමුදාපති ධූරයට පත් කිරීමට විරෝධය පෑමක් වශයෙන්, ඔවුන් මෙසේ සම්මන්ත්‍රණය වර්ජනය කර ඇති බවයි අදාල පුවත් වෙබ් අඩවිය පවසා සිටින්නේ.

මෙසේ ආරාධනා භාර ගැනීමෙන් පසුව, සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන බව පවසා, ඊට සහභාගී නොවූ රටවල් කිහිපයක නම් පහත දැක්වේ.

1) ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව සිටි දකුණු අප්‍රිකාවේ රොඑල්ෆ් මෙයර් 
2) බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි කර්නල් ඇන්ඩෲ බෙලින්ග්හෝල්, කර්නල් ග්‍රඑම් වෙයර්මවුත්, මේජර් ජැමී හාලි ඇතුළු නියෝජිත පිරිස.
3) කැනඩාව නියෝජනය කරමින් ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතව සිටි කර්නල් මයිකල් හෝගන් (ඔහු ඉන්දියාවේ කැනඩා තානාපති කාර්යාලයේ සිටින මිලිටරි ඇටෑචි ය)
4) ඊශ්‍රායෙලය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි කොමාන්ඩර් යානිව් මෙයර්මන් (ඔහු ද ඉන්දියාවේ ඊශ්‍රායෙල තානාපති කාර්යාලයේ සිටින මිලිටරි ඇටෑචි ය)
5) ඔ්ස්ට්‍රේලියාව‌ නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි බ්‍රිගේඩියර් සයිමන් ජොන්ස්ටන්
6) කැනඩාව නියෝජනය කරමින් කැනඩාවේ සිට පැමිණීමට නියමිතව සිටි කර්නල් ඩෙරික් ප්‍රොහර්
7) නෝර්වේ නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි කර්නල් ගේ හේගන්ස්
8) පෝලන්තය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි කර්නල් රැඩොස්ලෝ ග්‍රැබ්ස්කි 
9) ඔ්මානය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි බ්‍රිගේඩියර් සලීම් සෙයිෆ් සහ කර්නල් ඊබ්‍රාහිම් මුබාරක්
10) පිලිපීනය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි මේජර් ජෙනරාල් ජේසුස් සාර්සාගත්, කර්නල් ඩැනී මාර්, කර්නල් රොමියුලෝ මැනුඑල් සහ කැප්ටන් වර්ජිලියෝ සීසර් 
11) කොන්ගෝ රාජ්‍යය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි මේජර් ජෙනරාල් කෞම්බු යන්කෝලේ, කර්නල් එන්ඩුබු වයිසිකා 
12) සිම්බාබ්වේ (පොදුරාජ්‍ය මණ්ඩල) රාජ්‍යය නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි බ්‍රිගේඩියර් ජෙනරාල් ජොස්පාත් කුඩුම්බා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − ten =