ලෝකයටම එකක් පමණක් ඇති, කෘඩියා සෙලනිකා ශාකය පිහිටි භූමිය ඩෝසර් කරයි.

0
655
- Advertisement -

ලෝකයටම එකක් පමණක් ඇති, කෘඩියා සෙලනිකා ශාකය පිහිටි භූමිය ඩෝසර් කරයි.

ලෝකයෙන් ම තුරන්ව ඇති බවට රතු දත්ත පොතට පවා ඇතුළත්ව තිබුණු කෘඩියා සෙලනිකා නමැති ශාකයෙන් එක් ශාකයක් ගම්පහ දාරළුව ප්‍රදේශයෙන් හමු වී තිබුණු අතර, එම ශාකය සහ ඒ අවට පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ වැදගත්ම පිළිබදව පරිසරවේදීන්ගේ අවධානයද යොමු වී තිබුණි.

මෙම ශාකය හමුවී තිබුණේ, මධ්‍යම අධිවේගයේ කඩවත සිට මීරිගම දක්වා දිවෙන කොටස ඉදිකිරීමට වෙන් කර ඇති භූමි ප්‍රදේශයෙනි.

මෙම දුර්ලභ ශාකයට හානියක් නොවන ලෙස – අධිවේගයේ ගමන් මාර්ගය ඒ ඉසව්වේදී වෙනස් කිරීම පිළිබදව ද අදාල ශාකය සොයාගනු ලැබූ සමයේ දී සාකච්ඡා විය.

කෙසේ වෙතත්, මාර්ගය ඉදිකිරීමේ කටයුතුවල නිරත චීන සමාගම, කෘඩියා සෙලනිකා නමැති මෙම දුර්ලභ ශාකය ඊයේ දිනයේ දී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම් ව ඇති අතර, ගම්පහ දිසා වන නිලධාරීනී, දේවානි ජයතිලක මහත්මියගේ මැදිහත් වීම එය වලක්වා ගැනිමට හැකිව තිබේ.

මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා ඇත්තේ, ශාකය ගලවා එතැනින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එකගතාවයකට පැමිණි ඇති බවයි.