ලොහාන්ට එරෙහිව ආණ්ඩුව නිහඬයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා

0
85
- Advertisement -

ලොහාන් රත්වත්තේ මහතා විසින් පසුගිය 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයටද, 13 වැනිදා වැලිකඩ බන්ධනාගාරයටද බීමතින් ගොස් ඉන් එක් බන්ධනාගාරයක සිරකරුවන් දෙදෙනෙකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට කළ පැමිණිල්ල පිළිබඳ රජය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරයි. ලොහාන් රත්වත්තේ මහතා ඔහු අදාළ සිදුවීමේ වගකීම් බාරගනිමින් අධිකරණ කටයුතු පිළිබඳව ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය මීට පෙර නිවේදනය කර තිබිණි.
මේ සිදුවීම මාධ්‍යය විසින් වාර්තා කළේ කොට කලිසමකින් සැරසී බීමතින් ඔහු ලංකාවේ එක්තරා සුරූපිනියක් හා සමග මෙලෙස බන්ධනාගාරයේ නොමනා අන්දමින් හැසිරුන බවය. මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම ප‍්‍රමාණවත්ද යන්නත්, බන්ධනාගාර රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව ඇති වගකීම පිළිබඳවත් මෙහිදී ගැටළුවක් ඇතිවීම සාමාන්‍යයය. මෙහි බරපතල තත්ත්වය වනුයේ අනුරාධපුර බන්ධනාගාරයේදී ලොහාන් රත්වත්තේ මහතාගේ තර්ජනයට ගොදුරු වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධිත රැඳිවියන් දෙදෙනෙකුට වීමය. මේ වනවිට එම සංවිධානය යුදමය වශයෙන් පූර්ණ වශයෙන් අකි‍්‍රයව සිටියද ජාත්‍යන්තරව ඔවුන්ගේ මෙහෙයුම් පවත්වාගෙන යනු ලබයි. මේ නිසා මෙම සිදුවීම විදේශ ජන මාධ්‍යයේ අවධානයට ලක්වීමද නොවැලැක්විය හැක්කකි.
ලොහාන් රත්වත්තේ මහතා මීට පෙරද මෙවැනි සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්ති කිහිපයක ප‍්‍රධාන මාතෘකාව විය. ඉන් එකක් වූයේ 2001 දෙසැම්බර් මස 5 වැනිදා උඩතලවින්න චන්ද මධ්‍යස්ථානයකදි සිදු වූ වෙඩිතැබීමයි. ඉන් 10 දෙනෙක් මරුමුවට පත් විය. නඩු විභාගය සිදුවන කාලයේදී ලොහාන් රත්වත්තේ මහතාගේ පියා වූ අනුරුද්ධ රත්වත්තේ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. එසේම එන්.ආර්. ඇන්ඞ් එෆ්.සී. කී‍්‍රඩා සමාජයේ රගර් කී‍්‍රඩකයෙක් වූ පැපුවානිව්ගිනියා ජාතික ජොයෙල් පේ‍්‍රරා නැමැත්තා කොල්ලූපිටිය සමාජ ශාලාවකදී වෙඩිතබා මරා දැමීම සම්බන්ධයෙන්ද ලොහාන් රත්වත්තේ මහතාගේ නම සඳහන් විය. එසේම ඒ එයටද කැසිනෝ කි‍්‍රඩාවට ලොල් වූ සුරූපිනියකගේ නමද එක් වූයේ නිතැතිණි. ජොයෙල් පේ‍්‍රරාගේ පියා පැපුවානිව්ගිනියා රාජ්‍යයේ දැවැන්ත දේශපාලන චරිතයකි. ඒ නිසා එරට වාසය කළ හා රැකියා කළ ශී‍්‍ර ලාංකිකයන්ද දැඩි අපහසුතාවයකට පත්වන්න සිදුවිය.
බොහෝ විට මෙවැනි සිදුවීම්වලට ජාතික මට්ටමෙන් නිද්‍රාශිලීව කටයුතු කරන්නට අදාළ බලධාරින් උත්සහ කළද ඒවාට ජාත්‍යන්තරව ලැබෙන ප‍්‍රතිචාර රටේ ප‍්‍රතිරූපයට හානිදායක වන බව මෙමගින් පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − eighteen =