ලොව අවසන් සුමාත්‍රා රයිනෝ පිරිමි සත්වයා මියයයි

0
916
- Advertisement -

මැලේසියාවේ ලොව අවසන් සුමාත්‍රා රයිනෝ පිරිමි සත්වයා මියගිය බවට AWAF ආයතනය නිල වශයෙන් ( 27 ) දින දැනුම් දී තිබේ. අසනීප තත්වයෙන් පසු වූ ” Tam” නම් මෙම සුමාත්‍රනු පිරිමි රයිනෝවා මැලේසියානු වනජීවී දෙපාර්තමේන්තුව සතුව සිටි සතුන් දෙදෙනාගෙන් එක් අයෙකි. වසර කිහිපයකින් මැලේසියාවේ වනාන්තර ප්‍රදේශ වලින් සුමාත්‍රා රයිනෝවන් වාර්තා වී නොමැති බැවින් Tam මැලේසියාවේ ජීවත් වූ ලොව අවසන් සුමාත්‍රා රයිනෝවා බවට හැඳින්වෙනවා. ” Eman ” නම්.ගැහැණු රයිනෝවා හා එක්ව වාසය කලත් ඔහුට දාව කිසිදු උපතක් සිදු වී නොතිබිණි .

ලොව සියලුම රයිනෝවන් මියයෑමට පළමු හේතුව නම් අං ලබා ගැනීම සඳහා සිදුකරන මහා ඝාතන සංහාරයයි. රයිනෝ අං කුඩු කිලෝවක මිල රත්ත්‍රන් කිලෝවක මිලත් ඉක්මවන අතර ලොව අංක එකේ ගැනුම්කරු වන්නේ චීනයයි. කෙන්යාවේ ඕල්පෙජෙටා සංරක්ෂණ මධ්‍යස්ථානයේ සන්නද්ධ රැකවල් මැද ජීවත් වූ අප්‍රිකානු උතුරුදිග සුදු රයිනෝ පිරිමි සත්වයා වූ ” සුඩාන් ” ද වසර කිහිපයකට පෙර මෙලෙස මියගියේ ලොව අවසන් උතුරුදිග සුදු රයිනෝ පිරිමි සත්වයා ලෙස ජීවත්වීමෙන් පසුවය.