ලොකු අයියාගෙන් පොඩි තෑග්ගක්…!

0
578
- Advertisement -

මෙරට ආර්ථික සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ බව දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම ණය ආධාරයට අමතරව, රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා ගත යුතු කි‍්‍රයාමාර්ග අර ගැනීම සදහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආධාරයක් ලංකාවට පිරිනැමීමට ද ඉන්දියාව සූදානම් වේ.

එම ඩොලර් මිලියන 50 පූර්ණ වශයෙන්ම ආධාර මුදලකි.