”ලොක් ඩවුන් එක ඉවත් කරන්න”; උද්ඝෝෂකයෝ ඉල්ලති. සෞඛ්‍ය අංශ එපා කියති. ට‍්‍රම්ප් ගේ සහායත් උද්ඝෝෂකයන්ට.

0
537
- Advertisement -

යලි සුපුරුදු ජීවිතයට පැමිණීම සදහා, වසා දමා තිබෙන ප‍්‍රාන්ත විවෘත කරන ලෙසට බලකරමින් ඇමරිකාවේ ප‍්‍රාන්ත කිහිපයකම උද්ඝෝෂණ දියත්ව තිබේ.

උද්ඝෝෂණ සිදු වන්නේ, ඔහියෝ, මිචිගන්, කෙන්තකී, උතුරු මැනසෝටා වැනි ප‍්‍රාන්ත කිහිපයකයි.

මෙම උද්ඝෝෂණ, ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ ආශිර්වාදය ඇතිව, සැලසුම්සහගතව සිදුවන ඒවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ, රටේ ආර්ථිකය යළි පන ගැන්වීමටයි. එසේ නමුත්, රට නැවත විවෘත කරනවානම්, එය අදියර තුනක් යටතේ කළ යුතු බවට ඇමරිකානු සෞඛ්‍ය අංශ නිර්දේශ කරයි. එක් අදියරක් සම්පූර්ණ කිරීම සදහා අවම වශයෙන් දින දාහතරක කාලයක් ගත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 8 =