“ලීසිං සමාගම් සිදු කරන අනීතික ක්‍රියා වළක්වන්න.” ජනධිපති, වැඩබලන පොලිස්පතිට නියෝග කරයි.

0
300
- Advertisement -
Share


“ලීසිං සමාගම් සිදු කරන අනීතික ක්‍රියා වළක්වන්න.” ජනධිපති, වැඩබලන පොලිස්පතිට නියෝග කරයි.

වාරික ගෙවීමට අපොහසත්වන ගනුදෙනුකරුවන්ගේ වාහන, ලීසින් සමාගම් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හෙවත් “වාහන සීස් කිරීම” අනීතික ක්‍රියාවක් බව, ජනාධිපතා ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලීසින් සමාගම් විසින් සිදු කරන මේ අනීතික ක්‍රියාව, තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට ඔවුන්ට ඉඩ දිය නොහැකි බවත්, වහාම ක්‍රියාතමකවන පරිදි එය වළක්වන ලෙසත්, ජනාධිපතිවරයා පොලිසියට නියෝග කර තිබේ.

ලීසින් සමාගම් වාහන සීස් කිරීමට යන්නේ පොලිසිය දැනුවත් කිරීමකින් තොරව වන අතර, වාහනය සීස් කලාට පසුව ඔවුන් ඒ පිළිබදව පොලිසියට දැනුම් දෙයි. ලීසිං සමාගම් සිදු කරන මෙම බලහත්කාරී ක්‍රියාව, ඇතැම් අවස්ථාවල දරුණු අපරාධයකින් කෙළවර වේ.

කොරෝනා වසංගතය හමුවේ, ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ලීසින් වාරික අය කර ගැනීම මාස 06 කට අත්හිටුවන ලෙස රජය සෑම මූල්‍ය ආයතනයකටම දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් වරයාගේ අත්සනින් යුතුව මාර්තු 23 වන දා නිකුත් කර තිබෙන චක්‍රලේඛනයක ඒ බව පැහැදිලිව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 4 =