ලිංගිකත්වය මත කිසිදු පුද්ගලයෙක්
වෙනස්කොට නොසැලකිය යුතුයි.
සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන්
අධිකරණ ඇමති පෙනී සිටියි.
සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හිරිහැරයට පත්වන ආකාරයේ ශාරීරික පරීක්ෂාවකට, පොලිසිය සහ අධිකරන වෛද්‍ය නිළධාරීන් විසින් එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකු යොමුකොට ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වූ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතා පවසා තිබේ.
මෙවැනි ශාරීරික පරීක්ෂාවන්, එක්තරා ආකාරයක ලිංගික හිංසාවන් සහ කුරිරු ශාරීරික වද බන්ධන ලෙස ද සැලකිය හැකි බවද ඔහු පවසයි.
හියුමන් රයිට් වොච් සහ ඊක්යුවල් ග්රවුන්ඞ් නම් සංවිදාන විසින් ද, ලංකාව තුළ මෙවැනි සිදුවීම් වාර්තා වන බව හෙළිදරව් කර තිබේ.
මෙවැනි දේ සිදුවන්නේ නම්, වහාම ඒ පිළිබදව සොයා බැලිය යුතු බව පවසන අධිකරණ අමාත්‍යවරයා, සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවත්, ලිංගිකත්වය වැනි කාරණා මත කිසිවක වෙනස් කොට සැලකීමකට ලක් නොකළ යුතු බවටත් පවසා සිටියි.
ඬේලි මිරර් පුවත්පත ඇසුරෙනි.