ලාදුරු රෝගය පැතිරීමේ අවධානමක්

0
836
- Advertisement -

ලාදුරු රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

දිවයින පුරා වසරකට ලාදුරු රෝගීන් 1,700 – 2,000 අතර පමණ හමුවන බවත් මින් වැඩිම පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවට හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා පැවසුවා.

ජනගහනය අධික ප්‍රදේශ වලින් රෝගීන් හමුවීම සිදුවන බව හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 16 අනුව මෙම වසරේදී 54 ක් වන රෝගීන් වැඩිම පිරිසක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද , වත්තල කොට්ඨාසයෙන් රෝගීන් 29 ක් , කටාන රෝගීන් 23 ක් , ජාඇල රෝගීන් 21 ක් , කැලණිය 21 ක් , දිවුලපිටිය 14 ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් රෝගීන් 9 දෙනෙකු ක් ද සෙසු කොට්ඨාස 9 හි සුළු වශයෙන් රෝගීන් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 1 =