ලසිත් මාලිංග කි‍්‍රකට් පිටියෙන් සමු ගනියි…?

0
696
- Advertisement -

ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කිරීමෙන් පසුව ලසිත් මාලිංග ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගන්නට තීරණය කර ඇති බවට පැතර යන ආරංචියේ කිසිදු සත්‍යතාවයක් නැති බව වාර්තා වේ. ලසිත් මාලිංගගේ නමින් යුතු ෆේස් බුක් පිටුවක තමන් යළිත් කි‍්‍රකට් පිටියේ දී හමු නොවන බව පළ කර තිබුණද, අදාල ෆේස් බුක් ගිණුම ව්‍යාජ එකක් බවත්, තමන් ෆේස් බුක් භාවිතා නොකරන බවත් ලසිත් මාලිංග පවසා තිබේ.