ලසන්තගේ තාජුඩීන්ගේ ද්‍රවිඩ ශිෂ්‍යයන් 11 දෙනාගේ සහ සහන සේවකයන් 17 දෙනාගේ ඝාතන පරීක්ෂණ කඩිනම් කරන්න නියෝග

0
513
- Advertisement -

නඩු හතරක් සම්බන්ධයෙන් විමර්ශණ කඩිනම් කර, වාර්තා තමන් වෙත එවන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා හට උපදෙස් ලබා දී තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අයගේ ඝාතන, කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, සහ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන් 17 දෙනෙකුගේ ඝාතනය යන සිදුවීම් මීට ඇතුලත් වේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් තමන් වෙත වාර්තාවන් ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන් පුද්ගලයන් වන්නේ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිවේදී නිෂාරා ජයරත්න ප්‍රකාශ කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − seven =